සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

bus

කොළඹ, ගම්පහ ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල බස් රථ ධාවන කටයුතු අද ආරම්භ වේ.

ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදී මෙම පියවර ගත් බවය.

අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රවාහන සීමා පනවා තිබු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ ද සමාන්‍ය පරිදි මගී ප්‍රවහන සේවා සිදුකරන බවයි.

කෙසේවුවද පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විමට නියමිතව තිබේ.

Related posts