සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ නත්තල් දේව මෙහෙයක්

සාමයේ පනිවිඩය රැගෙන පැමිනි ජේසු සමිදුන්ගේ උපත සිදුවු අසිරිමත් නත්තල උදාවිම නිමිති කරගෙන වීශේෂ නත්තල් දේව මෙහෙය 24වන දින රාත්‍රියේ හැටන් සිරි කුරුස දේවස්ථානයේදි පවත්වන ලදි.

කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන මිසම් පාලක නියුමන් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වීශේෂ දේව මෙහෙය පවත්වන ලදි.

මෙම වීශේෂ නත්තල් දේව මෙහෙය සදහා හැටන් ආශ්‍රිත ප්‍රදේශවල වතු ආශ්‍රිත කිතුනු බැතිමතුන් විශාල පිරිසක් මෙම එක්ව සිටි අතර මෙම වීශේෂ නත්තල් දේව මොහෙය සදහා හැටන් මුලස්ථාන පොලිසියේ හා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් වීශේෂ ආරක්ෂක සැලැස්මක් යෙදවිමටද පියවර ගෙන තිබුනි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts