සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම අගරදගුරු හෙළා දකියි

siril

සිවිල් ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(14) අත්අඩංගුවට ගන්නාලදි.

සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක ගමගේ සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධීන් දෙක කොළඹ අගරදගුරුතුමා හෙළාදකින බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණි පියතුමෝ පැවැසූහ.

කොළඹ අගරදගුරු නිවසේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරිල් ගාමිණි පියතුමෝ ඒ බව පැවැසූහ.

ෂෙහාන් මාලක ගමගේ මහතා පාස්දු දා ප්‍රහාරයේ වින්දියන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට සාධාරණයක් ඉල්ලා හඬනැගූ බව ද කීහ.

Related posts