සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

announcement

මේ දිනවල කිසියම් පුද්ගලයෙකුට උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුබව ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අ‌නෙකුත් වේදනා නාශක ලබානොගන්නා ලෙසත් ඉක්මනින් රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙරට ඩෙංගු ‌රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර ගත වූ දින 08 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,500කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා පැවසුවේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බවය.

වෛරසය පැතිරීම පාලනය කිරීමට, මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන විනාශකිරීම සිදුකළ යුතුය.

බස්නාහිර පළාත තුළ ‌ඩෙංගු රෝගය පැතිරයාම අවම කිරීමට මේ මස 15 වන දින සිට 21 වනදා දක්වා විශේෂ ‌ඩෙංගු මර්දන සතියක් ද නම් කර තිබේ.

Related posts