හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

භූමිතෙල් ලබාදෙන ලෙස බලකරමින් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය මල්ලිවෙප්පු ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරතව සිටි.

හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලකින් අද (25) භුමිතෙල් මිලදී ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැඳීසිටි දෙදහසක් පමණ පිරිස මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටින බව අප වාර්තාකරු පවසයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts