හිටපු අගමැති මහින්ද වහා අත්අඩංගුවට ගන්න – නීතිඥවරු

arrest search

ඊයේ (09) දින “මයිනාගෝගම” සහ “ගෝඨාගෝගම” යන අරගලවලට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා එම ඉල්ලීම ඉදිරිපත් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ වන්නිනායක මහතා ඊයේ දින ප්‍රහාරය සිදුවන්නට ඉඩ දී පොලීසිය බලා සිටි බව චෝදනා කළේය.

Related posts