ෆයිසර් එන්නත ලබා ගන්නට ආ පිරිස් අපහසුතාවයන්ට

corona-ennath

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ  අවුරුදු 20න් ඉහල පුද්ගලයන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දිම පැය ගණනක් පමාවිමත් සමග එම එන්නත ලබා ගැනිමට පැමිනි පිරිස් විවිධ අපහසුතාවයන්ට පත් විය.

මෙම එන්නත 01වන දින උදේ 8.30 සිට ලබා දෙන බව ප්‍රචාරය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ විශාල පිරිසක් තුන්වන මාත්‍රාව ලබා ගැනිම සදහා පැමින සිටියත් එම එන්නත් පෙරවරු 10.00 වන තෙක් නොලැබිමත් සමග එන්නත් ලබා ගැනිමට පැමින සිටි පිරිස් මෙසේ අපහසුතාවයන්ට පත් විය.

මෙම තත්වයන් මත එම එන්නත ලබා ගැනිම සදහා පැමින සිටි විශාල පිරිසක් දැඩි අව් රස්මිය මධ්‍යයේ හැටන් වීරතුංග සංස්කෘතික කේන්ද්‍රය අසල පොලිමේ රැදි සිටි අතර සමහර පිරිස් මෙම එන්නත් ලැබිම පමාවිමත් සමග එන්නත් ලබා නොගෙන යාමටද පියවර ගන්නා ලදි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ එන්නත් ලබා ගැනිම සදහා තමන් පෙරවරු 7.30ට පමන පැමිනි බවත් මෙසේ එන්නත් පමාවිමත් සමග තමන් දැඩි අපහසුතාවයන්ට පත්වන බවත්ය.

පසුව එන්නත් පෙරවරු 10.25ට රැගෙනආ අතර එම එන්නත් ලැබිමෙන් පසු පැමින සිටි පිරිසට එන්නත් ලබා දිමට පියවර ගන්නා ලදි.

මෙසේ එන්නත් පමාවිම පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ එන්නත් රැගෙන එන වාහනය ආපදාවකට ලක් විමෙන් මෙසෙද් පමා වන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts