ඔන්ලයින් ක්‍රීඩා වලට කුමක් සිදු වෙයිද?

online-game

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දුන්නේය.

“මේ විනාශ වන්නේ සියදිවි නසා ගැනිමි සිදු කරන්නේ අපේ රටේ අනාගත පරපුර. දුක් විඳලා අම්මලා හදපු දරුවෝ තමයි මේ අකාලයේ මරණයට පත් වන්නේ.

අපි භාරදුන් ලිපිය මඟින් ඉල්ලීමක් කරමින් කියා සීටියේ. විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවට වගකීමක් තියෙනවා අදාළ බලධාරීන්ගෙන්ද අපි ඉල්ලා සිටින්නේ දරුවන් ව මේකෙන් මුදවා ගැනීමට කටයුතු කරන ලෙසත්.

මාර්ගගත වීඩියෝ ගේම්වලට වැට බඳින්න හැකියාව ඇති නිසාත්. ඒවාට බාධා කිරීමට , ඒවා අපේ රටට එන එක නවත්වන්න ඒ අයට පුළුවන්.

මෙම ක්‍රීඩා වහාම නැවැත්වීමට බලධාරීන් කටයුතු කරයි යන බලාපොරොත්තුව ඇති බවත් . මේ මියයන්නේ අපෙන් වෙන්වෙලා යන්නේ, අපේ රටේ අනාගත පරපුර.යයි එතුමිය ප්‍රකාශ කළාය.

බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔන්ලයින් ගේම් සඳහා ඇබ්බැහි වු 16 හැවිරිදි දරුවෙක් සියදිවි නසා ගනු ලැබීය.

Related posts