තේ කෝප්පය රුපියල් 10කින් ඉහලට – කැම පැකට්ටුව රුපියල් 15කින් ඉහලට

kama-packet

ගැස් මිල ඉහල යාමත් සමග  තේ හා කැම මිලද ඉහල දැමිමට සමහර හෝටල් හිමියන් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ ගැස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කැම පැකට්ටුවක මිල රුපියල් 15කින් පමන ඉහල දැමිමට සිදුව ඇති බවත්ය.

එමෙන්ම තේ කෝප්පයක මිලද රුපියල් 10කින් ඉහල දැමිමට සිදුව ඇති බවත් මෙම තත්වයන් මත අහිංසක පාරිභෝගිකයන් විවිධ අපහසුතාවයන්ට පත්විම පිලිබදව කනගාටුව පල කරන බවත්ය.

කැම හා තේ මිල මෙසේ ඉහල දැමිමකින් තොරව තම වෙලදාම් කටයුතු කර ගෙන යාම අපහසු බවත් එම තත්වයන් මත අකමැත්තෙන් හෝ කැම හා තේ මිල මෙසේ ඉහල දැමිමට සිදුව ඇති බවද එම වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts