ගෑස් සිලින්ඩරයක් පුපුරා 19 වියැති කතක් මරුට

gas-dead

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ  රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති  විවාහක  කතක්  මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය  අංක 68 ලිපිනයේ පදිංචිව සිටි  බී.ජී. අයේශා කුමුදුනි යන අය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

පසුගිය 13  වැනිදා ඇය නිවසේ  මුළුතැන් ගෙයි තිබූ  ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී එය දැල් වී නොමැති නිසා ගිනිකූරක් මගින්  දැල්වීමට උත්සාහ දැරීමක් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව   පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සිද්ධිය වන විට  නිවසේ වෙනත් කිසිවකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ  ගෑස් ලිපෙන්  මුළුතැන්ගෙයි පුරා නැඟුණු ගිනි නිවා අසල්වාසීන් විසින් ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මේ පිළිබඳ අදාල බලධාරීන්ගේ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද දෙදරු පියකු වන ජයසූරිය මහතා ඉල්ලීමක් කළේය.

Related posts