ගෑස් සංයුතියේ වෙනසක් – සෑම නිවසකම බෝම්බයක් (වීඩියෝ)

gas

මෙරට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය.

මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන ප්‍රධාන සමාගම් දෙකම එක් වී මෙම රසායනික වෙනස සිදු කළ බවද පැවසූ ඔහු එකල තමා විෂයභාර අමාත්‍ය දෙනාටම මේ බව පැවසුවද ඔවුන් එය ගණන් නොගත් බවත් චෝදනා කරයි.

මෙය වංචනික ක්‍රියාවක් බවත් මිනීමැරුමකට අනුබල දීමත් ඔහු කියා සිටියි.

Related posts