hospital

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 55දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ එම රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකුට, හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙ‌නෙකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට ද මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත.

මීට අමතරව ශල්‍යාගාරයේ, වාට්ටුවල සේවයකරන වෛද්‍යවරුන්ට ද කොවිඩ් ආසාදනය වී තිබේ.

එමෙන්ම රෝහලේ හෙද හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මෙන්ම සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ටද කොවිඩ් ආසාදනය වී ඇති බව වෛද්‍යපාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Similar Posts