සුනාමි අනතුරු අඟවයි.. ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක්…

kameliya mal suwadata lyrics

රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹිණි. භූමි කම්පාව හටගත් බව පැවැසෙන්නේ ඉන්දුනීසියාව අසල ෆ්ලොරේස් මුහුදේ කිලෝ මීටර් 100 ගැඹුරු පතුලේය.

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආසන්නයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවටද සුනාමි තත්ත්වයක් ඇති වෙයිද යන්න තවමත් දැනුම් දී නැහැ.

අවසන් වරට ඉන්දුනීසියාවේ භූමිකම්පාවකින් සුනාමියක් ඇති කළේ 2004 වසරේ දී ය.

2004 දෙසැම්බර් 26 වන දින වයඹ දිග සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් වූ රිච්ටර් මාපක 9.1 ක ප්‍රභල භූමිකම්පාවක් ඇති වුණා.

මෙමගින් ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය ඇතුලු රටවල් කිහිපයකට දැඩි බලපෑම් සිදු විය.

එමගින් මිනිසුන් 230,000 කට වඩා මිය ගියා.

Related posts