විලි ලැජ්ජයි; එන්නත්කරණයට වසරක් සැපිරීම නිමිත්තෙන් උත්සවයක්

rajithe

එන්නත්කරණයට වසරක් සැපිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව බලය සිටියේ නම් කොරෝනා වසන්ගතයෙන් පුද්ගලයන් 15,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වීමට ඉඩ ලබා නොදෙන්නේ යැයි ද සඳහන් කළේය.

එන්නත්කරණය ප‍්‍රමාද කරමින් ධම්මික පැණිය, සුදර්ශන පැණිය ආදී සංදර්ශන වල යෙදුණු ආණ්ඩුව එන්නත්කරණයට අවුරුද්දක් සැමරීම පෙනුමෙන් උත්සව පැවැත්වීම විලි ලැජ්ජාවට කරුණක් යයිද ඔහු පැවසීය.

Related posts