coronavirus news

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගෙන තිබේ.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා මීට පෙර හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවය.

ඒ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 12,908 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ථ ආසාදිතයින් ගණන ද 16,405ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ ද රෝහල්ගතව සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 293 දෙනෙකු සුවය ලැබීම හේතුවෙන් සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 11,324 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

තවත් ආසාදිතයින් 5,028 දෙනෙකු දිවයිනේ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන 52ක නේවාසිකව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු මේ දක්වා මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාව වන ආසාදිතයින් 4,921 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කොළඹ 4,829 දෙනෙකු සහ කළුතර 593 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගලින් 238 දෙනෙකු, කෑගල්ලෙන් 170 දෙනෙකු, මහනුවරින් 144 දෙනෙකු, ගාල්ලෙන් 123 දෙනෙකු සහ රත්නපුරින් 104 දෙනෙකු ගතවූ කාලය තුළ වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර අම්බලන්ගොඩ, ඌරගස්මන්හදිය ප්‍රදේශයේ අහඹු ලෙස සිදු කළ පී.සී.ආර් පරික්ෂණ වලදී කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට තහවුරු කර ගත් 06 දෙනෙකු හදුනාගත් බවයි ප්රසදේශයේ මහජන සෞඛ්යු පරික්ෂක රෝහණ තෙන්නකෝන් මහතා පැවසුවේ.

Similar Posts