කොරෝනා ආසදිතයින් වාර්තා වීම 35% කින් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 15% කින් ඉහළ ගොස් ඇති බවයි.

තවත් කොරෝනා ආසාදිතයින් 1263 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 623,248 ක් දක්වා ඉහළ ගියේ ය.

තවත් කොරෝනා මරණ 36 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තා වී ඇත්තේ, පිරිමි ආසාදිතයින් 27 දෙනෙක් සහ කාන්තාවන් 9 දෙනෙකු ලෙසයි.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් තිදෙනෙකු ද වේ.

Related posts