sinhala wal katha

එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා මෙන් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, එලෙස බූස්ටර් මාත්‍රාව ලබානොගෙන ජනතාව සාමූහිකව රැස්ව කටයුතු කළහොත් මේ වසර අවසානයේදී කොවිඩ් සුනාමියක් ඇති විය හැකි බවයි.

“බූස්ටර් එන්නත ලබාගන්න නැවත ජනතාව අතර උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. බූස්ටර් එන්නත ලබාගන්නේ නැතුව විනෝද වෙන්න ගියොත් දෙසැම්බර් මාසේ අන්තිම සතියේ කොවිඩ් සුනාමියකට ලෑස්තිවෙන්න වෙනවා.”

ඔහු අවධාරණය කර සිටියේය.

Similar Posts