විමලසුරේන්ද්‍ර පිටාර ගලයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය 05වන දින සවස් කාලයේ සිට පිටාර ගැලිම ආරම්භ වි ඇත.

මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් අගෝස්තු මස 01වන දින සිට මේ දක්වා හතර වන වරටත් විමසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම 05වන දින සවස ආරම්භවු බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලිමත් සමග කැළණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Related posts