එළවලු මිල තවමත් ඉහල මට්ටමේ

elawalu digital backpack

වෙළදපලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ට ඉහල ගොස් ඇති අතර අතර නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 2000 දක්වාත් මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 750 දක්වාත් ඉහල ගොස් ඇත.

මිරිස් වර්ගවල මිල මෙන්ම එළවලු මිලද අඩුවිමක් මේ වන තෙක් සිදුව නොමැති බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද  පාරිභෝගිකයන් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන මෙම ප්‍රදේශයේ පාරිභෝගියන් පිරිසක් පවසනුයේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල අඩුවී ඇති බව පැවසුවද හැටන් නගරයේ එළවලු මිල අඩුවිමක් සිදුව නොමැති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසුමකදි අදහස් දක්වන නගරයේ එළවලු වෙලදුන් පවසනුයේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල  යම් අඩුවිමක් සිදුව ඇති බව පැවසුවද තමන්ට ලැබෙන එළවලු තොග මිල අඩුවිමක් සිදුව නොමැති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts