දැවි තෙල් ජනවාරියෙන් අවසන් – නොදන්වා විදුලි විසන්ධි කිරීම් අරඹලාද?

viduli

අද (23) දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිශ්චිත කාල රාමුවක් තුළ විදුලි බල විසන්ධි කිරීම් වාර්තාවී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයක්ද මේ අතර වේ. උදෑසන පැය බාගයක් හා සවස පැය බාගයක් ලෙස මෙම විදුලි බිඳ වැටීම සිදු කර ඇති අතර මණ්ඩලය මගින් කරන විදුලි කප්පාදුවක් දැයි යන්න නිශ්චිතව හෙළි කර නැත.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් පසු මේ වනවි කැළණීතිස්ස බලාගාරය වසා දමා ඇත.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතරවීම නිසා මෙගාවොට් හයසීයකට වැඩි විදුලිබල ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වීමේ අවදානමක් මතුවිය හැකිවා සේම මෙගාවොට් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කළ කැලණිතිස්ස විදුලිබලාගාරය මේ වනවිට අක්‍රිය වීම මෙයට දැඩිව බලපාන බවද පැවසේ.

කැලණිතිස්ස විදුලිබලාගාරය ක්‍රියාත්මක වූයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදනයක් වූ ‘නැප්තා’ ඉන්ධනයෙන් වන අතර දැන් එම සැපයුම අඩාලව ඇත.

මේ සම්න්ධයෙන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු සුලක්ෂණ ජයවර්ධන පවසා තිබුනේ කැලණිතිස්ස විදුලිබලාගාරය මීට දින කිහිපයක සිට නතර කර ඇතත් අනෙක් බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් ජනවාරි මැද වන තෙක් ප්‍රමාණවත් බවකි.

ගල් අඟුරු මිලට ගැනීමට ඩොලර් ප්‍රමාණවත් නොවීම නිසා නොරොච්චෝලේ බලාගාරයෙන් විදුලි උත්පාදනය ඉදිරියේ අර්බුදයකට යාහැකි බවද ලංවිම ඉංජිනේරු සංගමය දින දෙකකට පෙර දන්වා තිබුණි.

Related posts