putin

රුසියාව විසින් ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ නේටෝ සංවිධානය සමග එක්වීමට එම රටවල් තීරණය කළහොත් ඔවුන්ට දේශපාලනික මෙන්ම යුදමය වශයෙන් බරපතල ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි රුසියාව යුධමය දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකෙහි දේශසීමාවන් රුසියාවට මායිම්ව පිහිටා ඇති අතර එම රටවල් නේටෝ සංවිධානය සමඟ එක්වුවහොත් එය සිය නිවස ඉදිරිපිටට සතුරු පාර්ශවයන්ට ඒමට ඉඩ සැලසීමක් ලෙසයි රුසියාව ප්‍රකාශ කර ඇත්තේ.

Similar Posts