බස්නාහිර හිටපු විපක්ෂනායක කොවිඩ් මාරයා රැගෙන යයි

kithsiri

හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

ඒ මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියේය.

කිත්සිරි කහටපිටිය මහතා කලක් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂනායකයා ලෙසද කටයුතු කළේය.

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ,කොරෝනා ආසාදිතව ඔහු දින 20ක පමණ කාලයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි.

කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වූ කිත්සිරි කහටපිටිය මහතාට සාතිශ්‍ය සංවේගය ප්‍රකාශ කරන්නෙමු.

Related posts