ගෑස් නිකුත් කිරීමත් නවතයි

gas

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16) සිට නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15) පස්වරුව වන විට අවසන් වී ඇත.

මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන ආ නෞකාවක් නතර කර තිබෙනවා.

ගෑස් නැව මුදා ගැනීමට සඳහා ඇමරිකානු ඩොලර් මිලියන දහයක මුදලක් අවශ්‍ය බව ලිට්‍රෝ ගෑස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දී ඇත.

 

Related posts