sura

එතනෝල් හිඟය නිසා 2022 මාර්තු 22 වනදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වනු ඇති බවට ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන බලපත්‍ර ලත් නිෂ්පාදනාගාර 23ක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳපොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වාම පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

Similar Posts