ඡන්ද දායකයින්ට ඉදිරි දින වලත් පෙට‍්‍රල් නෑ – මහජන නියෝජිතයින්ට පමණක් ඇති තරම් පෙට‍්‍රල්

oil-station-closed

ඉදිරි දින දෙක තුළදී ද පෙට්රල් ඉල්ලුම සපුරාලිය නොහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම් වල රැඳී නොසිටින ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අයත් ඉන්ධන පිරුම් හලෙන් ඉන්න ලබාදෙන ලෙස කතානායකවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට වන ලිපියක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේදී මන්ත්‍රීවරයා වාහනයේ සිටිය යුතු බවත් අත්පිට මුදලට පමණක් ඉන්ධන ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දී ඇත.

Related posts