protest

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයේ ඉල්ලීම මත දින 10ක් පුරා ගෙන ගිය අඛණ්ඩ ගොවි උපවාසය අද (02) තාවකාලිකව නතර කළ බවත් තම වගා බිම්වලට අවශ්‍ය පොහොර ලබා නොදුනහොත් ඉදිරියේ දී මාරාන්තික උපවාසයකට යන බවත් ඇලහැර මොරගහගන්න කලාපයේ ගොවිසංවිධාන එකමුතුව පවසයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රෛ නිකායික මහා සංඝයා වහන්සේ එම ස්ථානයට වැඩම කරමින් අඛණ්ඩව දින 10 ක් තිස්සේ පොහොර ඉල්ලා කළ උපවාසය හේතුවෙන් කිසියම් ගොවියෙකු හෝ ගෙවිලියක අසාධ්‍ය වුවහොත් මේ වැසි සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් රටේත් ගොවි ජනතාව වෙනුවෙන් දිවි පරදුවට තැබීම නුසුදුසු යැයි ද සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න අවශ්‍ය යැයි ද පැවසීමත් සමග ගොවි නායකයෝ මෙම තීරණයට එකග වූහ.

මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි තමන් උපවාසය අත හැරියද ඉදිරියේ දී නිසි කලට පොහොර නොදුනහොත් මාරාන්තික  උපවාසයක් දක්වා මෙම උපවාසය ගෙනයන බවද ඔවුහු කීහ.එහි දී ඔවුන් පෙන්වා දෙන්නේ පොහොර නොමැතිව ඇළවල ජලය මුදා හැර ජලය අපතේ නොහරින ලෙසයි.තවමත් ඇලහැර ව්‍යාපාරයේ කිසිදු කුඹුඅකට ගොවීන් වගා කන්නය ආරම්භ කිරීමට බැස නැති බව ද ඔවුහු අවධාරණය කළ හ.

ශ්‍රී ලංකා අමරපුර සද්ධම්ම යුක්තික මහ නිකායේ මහා ලේඛකාදිකාරි හා උතුරු මැද පළාතේ අධිකරණ සංඝනායක කදුරුවෙල ධම්මපාල නායක ස්වාමීන් වහන්සේ ,දිඹුලාගල සශනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරි පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය උපවාසය පැවති බකමූණ නගරයේ ඇළහර මං සන්දියට වැඩම කොට ඔවුන්ට ආශිර්වාද කර පිරිත් පැන් පොවා උපවාසය අවසන් කිරීමට අනුශාසනා කළ හ.මෙම උපවාසයට ඇළහැර මිරගහකන්ද කලාපයේ රාජ්‍ය ගොවි සංවිධාන 41ක ගොවි නායකයින් උපවාසය සඳහා සහභාගීවී සිටියහ.

protest protest protest

ඊෂා මුදියන්සේ පොලොන්නරුව

Similar Posts