the mist

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග විටි විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වැසි තත්වයන් සමග විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත් එම තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බවත්ය.

මෙම ප්‍රදේශයේ මාර්ගද වැසි තත්වයන් හේතුවෙන් ලිස්සන සුලු තත්වයන්ට පත්ව ඇති බවත් එම තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතා කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට සියලුම රියදුරන් ලපියවර ගත යුතු බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts