casalri

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි.

මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහල යමින් පවතින බවත් එම ජලය උපයෝගි කර ගෙන ජල විදුලිය නිපදවිම උපරිම මට්ටමේ සිදු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මෙම වැසි තත්වයන් ඉදිරියටද පැවතියහොත් මෙම ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට පැමිනිය හැකි බවත් එසේ වුවහෝත් එම ජලාශවල වාන් දොරටු විවෘත කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts