IMF සමඟ මූලික සාකච්ඡා සාර්ථකයි

ali-sabir

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරි තත්ත්වය සමනය කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ගැනීම සම්බන්ධයෙන් කරන මූලික වටයේ සාකච්ඡා ඉතා සාර්ථක අයුරින් වන බව මුදල් ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලී සබ්රි මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.

මෙරට වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් කර තිබෙන අතර, අවස්ථා කිහිපයකදී මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට හැකි වූ බව ද ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ඔවුන් තුළ මනා අවබෝධයක් පවතින බව ද ඒ මහතා කීවේය.

අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නගරයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ (22) රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් මුදල් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts