වප් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියහ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු එළැඹි පළමු පෝය දින මෙය වේ. වසංගත තත්ත්වය පහව ගොස් රටට ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතවූහ.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත දෛනකිව සිදුකරන තේවා රාජකාරියන්ට අමතරව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිල් සමාදන්වීම ඇතුලු ආගමික වතාවත් සිදුකිරීම දළදා මාලිගා චතුරස්‍රයේදී සිදුවිය.

පෙරවස් සමාදන් වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කිරීම සිදු කෙරෙන්නේ ද වප් පොහොය දිනයේදීයි.

kandy kandy

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

 

 

Similar Posts