තලවාකැලේ සහ දිඹුල ප්‍රදේශයන්හීත් පිපිරීම්

gas pike skyward

තලවාකැලේ වෝකරස් ප්‍රදේශයේ ඉදිකර ඇති ඉහල කොත්මලේ නව නිවාස යෝජනා ක්‍රමයේ නිවස් තුල  සිදුවු ගැස් ලිපක් පුපුරා යාම පිලිබදව තලවාකැලේ පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇත.

තේ පානය කිරිම සදහා ජලය උණු කර ගැනිමට ගැස් ලිප දල්වා ජලය උණු කර ගැනිමෙන් පසු ගැස් ලිප නිවා මද වෙලාවකට පසුව තම නිවසේ මුලු තැන් ගෙයින් විශාල ශබ්දයක් ඇසි දිව ගොස් බලන විට තම නිවසේ ගැස් ලිප පුපුරා ඇති බව එම නිවසේ හිමිකරු වන වේලුසාමි ශ්‍රිනාත් මහතා පවසන ලදි.

මෙම ගැස් ලිප පුපුරා යාමෙන් නිවසේ කිසිවකුටත් හාන් සිදුව නොමැති බවත් වේලුසාමි ශ්‍රිනාත් මහතා තව දුරටත් පවසන ලදි.

මෙම ගැස් ලිප පිපිරිම පිලිබදව තලවාකැලේ පොලිසියේ නිලධාරින් වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇත.

දිඹුල පතන පොඩ්ලි වතුයායේ නිවසක් තුල ගැස් නලයක් පුපුරා යාමත් සමග ඇතිවු සුලු ගිනි ගැනිම එම වතුයායේ පිරිසක් විසින් නිවා දමා ඇති අතර එම පිපිරිමෙන් එම නිවසේ මුලුතැන්ගෙයි උපකරණ කිපයක් විනාශයට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව දිඹුල පතන පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇති අතර මේ පිලිබදව කරන ලද විමසිමේදි අදහස් දැක්වු දිඹුල පතන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 30වන දින සවස 5.00ට පමන මෙය සිදුව ඇති බවත්ය.

එම නිවසේ දැරියක් විසින් මෙම ගැස් උදුන දැල්වු අවස්ථාවේදි එම ගැස් සිලින්ඩරය හා ගැස් උදුන සම්බන්ද කරන නලය හා රෙගුලේටරය පුපුරා යාමත් සමග සුලු ගින්නක් හට ගෙන ඇති බවත් එම අවස්ථාවේදි එම වතුයායේ පිරිසක් විසින් එම ගින්න නිවා දැමිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙම ගැස් නලය පිපිරිමෙන් එම නිවසේ කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවත් මෙම ගැස් සිලින්ඩරය කොටගල නගරයේ වෙලද සැලකින් මෙයට සතියකට පමන පෙරදි මිලදි ගෙන ඇති බව එම නිවසේ හිමිකරු පැවසු බවදච එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මෙම පිපිරිම පිලිබදව දිඹුල පතන පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.

gas1

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts