ප්‍රබල භූ චලනයක් – සුනාමි අනතුරු ඇඟවීම්

thusami

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද (14) අලුයම සිදුව ඇති භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් වලට අනුව මුලින් සඳහන් කළේ, භූමිකම්පාව සැකයකින් තොරව ඉන්දියන් සාගර කලාපයට බලපාන සුනාමියක් ඇති කළ හැකි බවයි.

නමුත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂිත බවයි.

කම්පනය බටහිර සුමාත්‍රා පළාතේ අගනුවර සහ විශාලතම අගනගරය වන පදං සිට කිලෝමීටර් 197 ක් දුරින් සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මෙමගින් ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනත් බලපෑමක් නොමැති බවයි පැවසෙන්නේ.

 

Related posts