නාමල්ගේ මිලියන 70 නඩුව නැවත කැඳවයි

law هرسفشلقشو

ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළව ඊයේ (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ එම පැමිණිල්ල කැඳවනු ලැබුවා.

එහිදී සැකකාර නාමල් රාජපක්ෂ ද අධිකරණයේ පෙනී අතර අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි.

මේ අනුව එම නඩුව 2023 වර්ෂයේ පෙබරවාරි මස 01 වනදා නැවත කැඳවීමට ද අධිකරණය නියම කරනු ලැබුවා.

නාමල් රාජපක්ෂ එලෙස මුදල් ලබාගෙන ඇත්තේ, රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසමින්.

Related posts