පොඩි ලැසී හමුවීමට නීතිඥවරුන්ට අවසර

podilasi

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම කරුණ අද (09) මෝසමක් මාර්ගයෙන්  මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 16 වැනිදා කැඳවීමට ද නියම වුණි.

Related posts