school

රජය මගින්  ඊයේ (21)  දින සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරිමට පියවර ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරම්භ කිරිමට සැලසුම් කර තිබු පාසල් 308න් පාසල් 149ක අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට හැකිවු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු  එම නිලධාරියා පවසන ලද්දේ මෙසේ ආරම්භවු විදුහල් සදහා අධ්‍යාපනය හැදැරිමට සිසු සිසුවියන් 2101 දෙනකු පැමින සිටි අතර විදුහල්පතිවරුන් 122 දෙනකු හා ගුරුවරුන් 249 දෙනකුද සේවයට වාර්ථා කර තිබු බවත්  මෙම විදුහල්වල සේවය සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සංවර්ධන  නිලධාරින් 344 දෙනකු සේවයට යෙදවිමට පියවර ගෙන තිබු බවත්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ විදුහල් 51ක් විවෘත කර තිබු බවත් එම විදුහල් සදහා සිසුන් 777ක් විදුහල්පතිවරුන් 42ක් ගුරුවරුන් 58ක්ද හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පාසල් 31ක් විවෘත කර සිසුන් 658ක් විදුහල්පතිවරුන් 27ක් ගුරුවරුන් 104ක් පැමින සිටි බවද ඔහු පවසන ලදි.

එමෙන්ම කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පාසල් 30ක් විවෘත කර සිසුන් 365ක් විදුහල්පති නි. විදුහල්පතිවරුන් 38ක් ගුරුවරුන් 39ක්ද අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පාසල් 30ක් විවෘත කර සිසුන් 257ක් විදුහල්පතිවරුන් 09ක් ගුරුවරුන් 32ක්ද නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පාසල් 07ක් විවෘත කර සිසුන් 44ක් විදුහල්පතිවරුන් 06ක් ගුරුවරුන් 16ක් පැමින සිටි බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts