rock

මධ්‍යම කදුකරයට පවතින වර්ෂාවත් සමග හැටන් නල්ලතන්නිය මාර්ගයේ මෝහිණි ඇල්ල අසල පස් කන්දක් සමග ගල් පර්වත මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිටි අතර රථ වාහන ධාවනය සදහා එක් මංතිරුවක් යථා තත්වයන්ට පත් කිරිමට මාර්ග සංවර්දන අධිකාරිය මගින් පියවර ගන්නා ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මාර්ග සංවර්ධන අධිකාරියේ නොර්වුඩ් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින හැටන් නල්ලතන්නිය මාර්ගයේ මෝහිණි ඇල්ලට අඩි 25ක් පමන නල්ලතන්නිය දෙසට මාර්ගයට ඉහලින් තිබු පස් හා විශාල ගල් පර්වත මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු ඇනහිටි බවත්ය.

පසුව නල්ලතන්නිය පොලිසිය යුධ හමුදාව සමග එක්ව මෙම මාර්ගයට කඩා වැටි තිබු පස් හා ගල් පර්වත ඉවත් කර රථ වාහන ධාවනය සදහා එක් මංතිරුවක් සකස් කර දිමට පියවර ගත් බවද ඔහු පවසන ලදි.

එමෙන්ම මෙම ප්‍රදේශයේ පස් හා ගල් තව දුරටත් මාර්ගයට කඩා වැටිමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයට පවතින වැසි සමග මෙම ස්ථානයේ පස් හා ගල් මාර්ගයට කඩා වැටිම් සිදුවු බවත්ය.

මෙම මාර්ගයේ රථ වාහන ධාවනය සදහා එක් මං තිරුවක් විවෘත කර දිමට පියවර ගෙන ඇති බවත් මෙහි ගල් හා පස් තව දුරටත් මාර්ගයට කඩා වැටිමේ අවදානමක් පවතින බැවින් මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමේදි සියලුම රියදුරන් ඉතාමත් කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට පියවර ගත යුතු බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Similar Posts