සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසෙන ලකුණු

sapugaskanda devdoc net

පසුගියදා වසා දමා තිබී විවෘත කරන්නට යෙදුණ සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ.

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ළඟා වීමේ ප්‍රමාදයක් හේතුවෙන් එම අවදානම මතුව ඇති බව ය.

පසුගිය සමයේ විදේශ විනිමය ගැටලුව හේතුවෙන් බොරතෙල් ඇණවුම් කිරිම ප්‍රමාද වූ බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව දැනට ඇණවුම් කර ඇති බොරතෙල් ලබන ජනවාරි 25 වැනිදා වනවිට පමණ මෙරටට ලැබීමට නියමිත ය.

එම තත්ත්වය තුළ බොරතෙල් මෙරටට ලැබෙන තුරු ජනවාරි මුල් සතියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මේ අතර ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඩොලර් මිලියන 420 ක මුදලක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම මත තෙල් නීතිගත සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.

Related posts