නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවයි

gas

නැවත දැනුම් දෙන තුරු දේශීය වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මේ බව තහවුරු කළා.

මේ අතර මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේක් වෑගපිටිය ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ පාරිභෝගික රක්ෂණ අමාත්‍යවරයාගෙන් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

ඔවුන්ගේ ගෑස් බෙදාහැරීමේ කටයුතු සහ අලෙවි කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Related posts