ඉදිරි දිනවල විදුලි විසන්ධිවීම්.. ජලය නැතිවෙයි.. තෙල් නැති වෙයි.. අනාගතය තවත් දරුණු වෙයි

viduliya

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.

කෙරවළපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් එම සංගමය මෙම පියවර ගෙන තිබුණි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,

“අකුරට වැඩ කිරීමේදී සිදුවෙන්නේ පද්ධතිය ටිකෙන් ටික බිඳවැටෙන එක. විදුලි විසන්ධිවීම් සිදුවෙයි. එය එන්න එන්නම වැඩිවෙයි. ජලය නැතිවෙයි. රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වෙයි. තෙල් ගහන්න බැරිවෙයි. රට නවතියි. අපිව එතනට තල්ලු කරන්න එපා.”

“අධිකරණය ගැන විතරයි අපිට අද විශ්වාසයක් තියන්න පුළුවන්. දෙසැම්බර් 8 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයෝ බලාගාරවලින් ඉවත් වෙනවා. කොළඹට එනවා.”  ඒ කියන්නේ රටට මේක අසාධාරණයක් වෙන ගිවිසුමක් ද?

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇති බවයි.

එම තීරණ විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.

රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස ද ඔහු සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

 

Related posts