ගෑස් තොග වෙළඳපොලට

unusum puwath sinhala

හැටන් නගරය තුල පැවති උග්‍ර ගෑස් හිගයට පිලියමක් ලෙස මේ වන විට  තමන්ට ලැබෙන ගෑස් ප්‍රමාණයන් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව  ගැස් අලෙවි නියෝජිතවරයකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නියෝජිතයා පවසන ලද්දේ  උග්‍ර ගෑස් හිගයක් පැවතියද 11වන දින තමන්ට වෙදාට වඩා ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් ලැබුන බවත්ය.

එම ගෑස් තොගය  පාරිභෝගිකයන් සදහා ලබා දිමට පියවර ගත් බවත් තවත් ගැස් තොගයක් 14වන දින ලැබිමට නියමිත බවද පවසන ලදි.

මෙම තත්වයන් මත තවත් සති දෙක තුනක පමන කාලයක් තුලදි කිසිදු හිගයකින් තොරව ගෑස් ලබා දිමට හැකි වෙතැයි තමන් සිතන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts