victims of sexual violence statistics

ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප‍්‍රතිශතය 18% කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර වයස 16 ට අඩු දැරියන්ගේ කැමැත්ත සහිතව ඔවුන් සමග ලිංගිකව හැසිරීමද මේ වන විට 9% ක ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.

බාලවයස්කාර දැරියන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත‍්‍රී දූෂණ ගණයටය.

මෙකී ස්ත‍්‍රී දූෂණ ප‍්‍රතිශත වර්ධනය සිදුව ඇත්තේ පසුගිය වසරේදී කොරෝනා වසංගතය නිසා රට වසා තිබූ අවධියේය.

ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව තරුණියකට සිය කැමැත්තෙන් ලිංගිකව හැසිරීම සඳහා නම් ඇගේ වයස අවුරුදු 16 සම්පූර්ණ විය යුතුය.

ඇයට සිය කැමැත්තෙන් විවාහ විය හැක්කේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විටය.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව ගැහැනු ළමයකුගේ විවාහ වයස අවමය අවුරුදු 12 කි.

Similar Posts