රුසියානු ජනාධිපතිවරයා කුලී හමුදාවක් මිලදී ගනියි

යුක්‍රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කියි. ඔහුු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ නායකත්වය දීම හේතුවෙන් යුක්‍රේන ආක්‍රමණය රුසියාව සිතූ තරම් පහසු වී නැහැ.

සාම සාකච්ඡා අතරේ මේ පිරිස් යුක්‍රේනයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි රුසියානු බලධාරීන් තීරණය කර ඇත්තේ. වැග්නර් ගෲප් (Wagner Group) නමින් හැඳින්වෙන මෙම පුද්ගලික මිලිටරි කන්ඩායම මීට “සති පහකට පෙර” අප්‍රිකාවෙන් රුසියාව බලා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කන්ඩායමේ මූලික ඉලක්කය වන්නේ යුක්රේන ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු විසි තුන් දෙනෙකුගෙන් සමන් සමන්විත ඝාතන ලැයිස්තුවක් ක්‍රියාත්මක කිරීමයි.

මීට සති පහකට පමණ පෙර යුක්‍රේනය බලා ගොස් ඇති මෙම කණ්ඩායම ක්‍රෙම්ලිනයේ නියෝග ලැබෙන තෙක් බලා සිටින බව වාර්තා වනවා.

Related posts