කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

weather today at my location

ප්‍රබල අකුණු පිළිබඳව අවවදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 75ක පමණ තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts