ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනූ රහස

eran-finch

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කරා පැමිණි ගමනේදී සහභාගි වූ තරග 7කින් 6කම කාසියේ වාසිය දිනා ගැනීම තීරණාත්මක සාධකයක් වූ බව ඔස්ට්‍රේලියා නායක එරන් ෆින්ච් පවසයි.

අවසන් මහා තරගයද ඇතුළුව මෙවර තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරග 7කින් කාසියේ වාසිය දිනාගත් අවස්ථා 6දීම ඔවුන් දෙවනුව පන්දුවට පහරදෙමින් ජය වාර්තාකර ගත්තේය.

විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේදී තරමක වාසනාවක් තිබිය යුතුයි. එහෙම කිව්වා කියලා මාව වැරදියට වටහාගන්න එපා. අපි තරග 7කින් 6ක කාසියේ වාසිය දිනා ගත්තා. ඒකත් දීර්ඝ ගමනක් එන්න එක හේතුවක්. නමුත් අපි ඇත්තටම ආක්‍රමණශීලීව හොඳින් ක්‍රීඩා කළා.

සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ එංගලන්තය සමග පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් ඔස්ට්‍රේලියාව පරාජය වූ අතර එහි කාසියේ වාසියද ඔවුන් පරාජය වී තිබීම සුවිශේෂී කාරණයක් විය.

 

 

Related posts