ගොල්ෆ් පදක්කම් තරගාවලිය 25, 26 දෙදින තුල

golf

කොළඹ රාජකීය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘පෙබරවාරි මාසයේ පදක්කම් තරගාවලිය’ ලබන 25 වැනිදා සහ 26 වැනිදා දෙදින පුරා කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. CL Synergy Limited සමාගම, මෙම තරගාවලිය සඳහා අනුග‍්‍රාහක ශක්තිය එකතු කර තිබේ.

තරගාවලිය කොළඹ ක‍්‍රීඩා සමාජයේ කීර්තිමත් තරගකරුවන්ගේ සහ ක‍්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලූ කටයුතු යොදා ඇත. A, B, C, කාන්තා සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහිදී සමස්ත පදක්කම් 18ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මෙයට අමතරව විනෝදජනක ගොල්ෆ් ක‍්‍රීඩා, ”Closest to the Pin” සහ .”Longest Drive” වැනි ක‍්‍රියාකාරකම් වලින් මෙම ක‍්‍රීඩා සැණකෙළිය වර්ණවත් කිරීමට සැළසුම් කර ඇති අතර, තරගයේ ජයග‍්‍රාහකයන් සඳහා පදක්කම් මෙන්ම වටිනා ත්‍යාග ද ලබාදෙනු ඇත.

 

Related posts