තෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා පිලට

pathum

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තෙවන එක්දින තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත් විය.

මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 291ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකා පිල පන්දුවාර 48යි පන්දු 3 ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 292ක් රැස්කරගෙන තරගය ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක ලකුණු 137 ක් රැස්කර ගැනීමට සමත් විය.

 

Related posts