දිගින් දිගටම ලැබූ පාපන්දු පරාජයන්ට තිත තබමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

football

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි. රීඩ් මාවත තුරඟ තරග පිටියේ ඊයේ විදුලි ආලෝක ධාරා මැද පැවැති බංග්ලාදේශය සමඟ තරගය ගොල් 2-1කින් ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිලට අවසන් මහා තරගයේ දොරටු විවර විය.

ගෝල් 1-1ක් ලෙස තරගය සම වී අවසන් තරගයට පිවිසීමට අසීරු මලානික අවස්ථාවක ශ්‍රී ලංකාව පසුවෙද්දී තරගයේ නියමිත කාලයේ අවසන් මිනිත්තුවේදී වසිම් රසීක්ට ලැබුණු දඬුවම් පහර සාර්ථක කොට බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම තරගයේ චමත්කාරය විය.

වසර 15කට පසුව අන්තර්ජාතික පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ සමත් වූ අතර, ශ්‍රී ලංකාව හා ෂීෂෙල්ස් අතර අවසන් මහා තරගය මේ 19 වැනිදා පස්වරු 7ට රිඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි.

Related posts