පළමු එක් දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 2කින් ජය ගන්නට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරු යුගළය ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ, පළමු කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ගොඩ නඟමින්.

කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගයක දී ලකුණු 300ක ලකුණු පුවරුවක් කරා යාමට සමත් වූ අතර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස් ව සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට එය මනරම් අවස්ථාවක් බවට පත් වුණා.

ග්ලේන් මැක්ස්වෙල් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ කඩුලු දෙකක් ඉතිරි ව තිබිය දී.

Related posts