ඔලිම්පික් වලට ටෝකියෝ ක්‍රීඩාංගනය සුදානම්

2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ටෝකියෝ නුවර
ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බව ජපානයේ
ක්‍රීඩා කවුන්සිලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ක්‍රීඩා උළෙල 2020 වසරේ ජුලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 9 වැනිදා දක්වා
පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

2016 වසරේ දෙසැම්බර් මාසයේ දී ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්
කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා ඇමෙරිකානු ඩෝලර් බිලියන 1යි දශම 2යි
5ක මුදලක් වැය වී තිබේ.

ඒ අනුව ඉදිකරන ලද මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 60,000කට තරග නැරඹීමට
පහසුකම ඇති බවත් දෙසැම්බර් මස 21 වැනිදා ක්‍රීඩාංගණය විවෘත කිරීමට නියමත
බවත් සඳහන් වෙයි.

Related posts