කලම්බෝ ස්ටාර්ස් පිල අවසන් මහා තරගයට

lpl1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේ අද පැවැත්වෙන අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ තරග කිරීමට කළම්බු ස්ටාර්ස් සුදුසුකම් ලැබීය.

කැන්ඩි ෆැල්කටර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 168 (කමිඳු මෙන්ඩිස් 23, අශේන් බණ්ඩාර 40, වනිදු හසරංග නොදැවී 77, කසුන් රාජිත 20/4) කලම්බෝ ස්ටාර්ස් පිල ඕවර 18.5 කදී කඩුලු 4 ට 169 (දිනේෂ් චන්දිමාල් 38, චරිත් අසලංක 64, රවී බොපාරා නොදැවී 29, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 21, කමිඳු මෙන්ඩිස් 26/2)

කලම්බෝ ස්ටාර්ස් පිල සහ ජැෆ්නා කිංග්ස් පිල අතර අවසන් මහා තරගය අද (23) පස්වරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

Related posts